අද පාර්ලිමේන්තුව රැස් වෙයි...

අද පාර්ලිමේන්තුව රැස් වෙයි...

by Staff writer 22-10-2026 | 9:03 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද (22) උදෑසන 9.30 ට රැස් වේ.

ඒ අනුව විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.

එය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

අනතුරුව, ව්‍යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා, විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව තිබේ.

තවද, පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.