දෛනික විදුලි කළමනාකරණය ගැන තීන්දුව අද...

නොරොච්චෝලේ බලාගාරයේ අංක 2 ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්...

by Staff writer 22-10-2026 | 7:02 AM

COLOMBO (News 1st) - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 02 ජනන යන්ත්‍රය අද (22) පෙරවරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇතැයි, එහි අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.ඩී නාලක කුමාර පවසයි.

ඔහු සඳහන් කළේ අද පස්වරු 3 පමණ වන විට එම ජනන යන්ත්‍රයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගාවොට් 270 ක විදුලි ධාරිතාව ජාතික පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරෙන බවයි.

දෛනික විදුලි කළමනාකරණය සම්බන්ධයෙන් තීරණයද අද ලබාදීමට නියමිත බව විදුලි ජනන ලංකා පෞද්ගලික සමාගම ප්‍රකාශ කළේ ය.