නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට...

නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට සම්බන්ධ කෙරේ.

by Staff writer 23-10-2026 | 9:43 AM

COLOMBO(News1st) - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ  03 වැනි ජනන යන්ත්‍රය අද(23) අලුයම ජාතික පද්ධතියට සම්බන්ධ කළ බව, ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, අද(03) පස්වරුව වන විට 01 වන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි.

එම සියලු ජනන යන්ත්‍රවලින් ජාතික පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 810 ක්.

මේ අතර දෛනික විදුලිය කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ඊයේ(22) ප්‍රකාශ කළේ ය.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන්, පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

ඒ හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප 4 කට බෙදා දිනකට පැය බැගින් විදුලි කලමනාකරණයට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පියවර ගත්හ.