.webp)

එම අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය අද ප්රකාශ කිරීමට අභියාචනාධිකරණය පසුගිය 14 වැනිදා නියම කළේ ය.
පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවිය.
පූජ්ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම් ගොනු කර තිබුණේ, හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ පාස්කු ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට එරෙහිව ගොනු කර තිබෙන රීට් පෙත්සම හා එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමිනි.
