රතු වරෙන්තු ලැබ සිටි අචිනි දිවයිනට රැගෙන එයි.

මීගස් ආරේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ රතු වරෙන්තු ලැබ සිටි අචිනි දිවයිනට රැගෙන එයි.

by Staff writer 27-10-2026 | 9:38 AM

COLOMBO(News1st) - අරුණ විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා සහ දරුවන් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රතු නිවේදන ලැබ සිටි අනූෂා ලක්මාලි නොහොත් අචිනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙනවිත් තිබේ.

සැකකාරිය සම්බන්ධ ඉදිරි විමර්ශන අපරාධ විමර්ශන පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ඇති.

එම ත්‍රිත්ව ඝාතනයට අදාළව සිටි සැකකරුවන් වන සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ලහිරු සහ බැකෝ සමන් විදේශයන්හි සැඟව සිටියදී මීට පෙර මෙරටට රැගෙන ආවේ ය.

මීගස්ආරේ කජ්ජා සහ දරුවන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 2025 වසරේ පෙබරවාරි 18 වන රාත්‍රියේදීයි.