ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්.

'ඔර්නබ්' සුළිකුණාටුවේ බලපෑම ගැන ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්.

by Staff writer 26-10-2026 | 4:08 PM

COLOMBO (News 1st) - 'ඔර්නබි’ සුළි කුණාටුව හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 - 20ත් නැගෙනහිර දේශාංශ 80 - 95 ත් අතර මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර හා නාවුක ප්‍රජාවට දැනුම් දී තිබේ.

එහි බලපෑමෙන් අදාල මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 100 හෝ ඊට වැඩි විය හැකියි.

සුළි කුණාටුව තවත් වර්ධනය වෙමින් බටහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අද(26) සවස 05.30 පමණ වන විට බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ එය තවදුරටත් වර්ධනයවී චන්ඩ සුළි කුණාටුවක් බවට පත් විය හැකි බවයි.

පවතින කාළගුණ තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කළේ ය.

එමගින් ඔහු ධිවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, කාලගුණ නිවේදන පිලිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ධිවර දෙපාර්තමේන්තුව ධිවර ප්‍රජාවට දැනුම් දෙයි.