දිවයිනේ සියලු පාසල් හෙට(27) වසා තැබේ...

වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ සියලු පාසල් හෙට (27) දිනයේ වසා දැමීමට තීරණය කෙරේ. - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 26-10-2026 | 4:49 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු පාසල් හෙට(27) වසා තැබීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න  පැවසුවේ, පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එම තීරණයට එලැඹ තිබේ.

අධ්‍යනය පොදු සහහිත පත්‍ර සා\පෙල විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි පැවැත් වෙන බව ද  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.