මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 454ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට...

by Staff writer 29-10-2026 | 6:39 AM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 454ක් වටිනා කොකේන් සහ එක්ස්ටසි වර්ගයේ මත්පෙති තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ.

සැකකරුගේ ගමන් මලු තුළ තිබී රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය අතරට කොකේන් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 121 ක් හා එක්ස්ටසි මත්ද්‍රව්‍ය මත්පෙති කිලෝග්‍රෑම් 13 යි ග්‍රෑම් 173ක් ඇතුළත්.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 256ක් හා එක්ස්ටසි වර්ගයේ මත්පෙති තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198ක් බවත් රේගුව ප්‍රකාශ කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි ඉන්දීය ජාතික ඉංජිනේරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් රේගුව විසින් මූලික විමර්ශන සිදුකරනු ලබන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදුකරනු ලබයි.

සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.