වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව මගී ප්‍රවාහන නෞකා සේවය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව නෞකා සේවයේ සමාරම්භය සටහන් කරමින් ඉන්දියාවේ සිට මගීන් සිය දෙනෙකු රැගත් නෞකාවක් කන්කසන්තුරේ දක්වා පැමිණෙන බව ඔහු පැවසුවේ ය.
මෙය ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සහ මෙරට යාපනයේ කන්කසන්තුරේ හා සම්බන්ධ වන අතර යාත්‍රා කිරීම සඳහා පැය 3ක කාලයක් ගතවනු ඇති.