මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප.

එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප.

by Staff writer 30-09-2026 | 4:23 PM

COLOMBO(News1st) - රක්ෂිත බන්ධනාගාරව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට පවරා ඇති නඩුවට අදාළව ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙලෙස නියම කෙරුණේ, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 ක ශරීර ඇප දෙකක්.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව ඔහු ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටී.