.webp)

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලබන සිකුරදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබේ.
ඒ පසුගිය 12 වැනිදා අනුරාධපුර පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමේදී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්, කළ ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහායි.
මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක එකට පොලිසිය කරුණු වාර්තා කළේ ය.
එහිදි අධිකරණය නියෝග කළේ එම ප්‍රකාශය ඇතුළත් සංස්කරණ නොකල දර්ශන අදාළ මාධ්‍ය නාලිකාවලින් ලබා ගන්නා ලෙසයි.
මේ වනවිට එම දර්ශන ලබා ගෙන ඇති බවද පොලිසිය පැවසුවේ ය.
අධිකරණය පොලිස්පතිවරයාට කළ නියෝගයක් අනුව එම විමර්ශනය ක්‍රියාත්මකයි.
