.webp)
ඒ, අද (21) අහමදාබාද්හි දී රැස් වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පාලන මණ්ඩල රැස්වීමේ දී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය 10 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පාලන මණ්ඩලය ගත් තීරණයද තහවුරු කළ බව අන්තර්ජාතක ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජනයට සවන් දීමෙන් පසු ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ක්‍රිකට් සහ ICC ඉසව් දෙකෙහිම ජාත්‍යන්තරව තරග කළ හැකි බවටද තීරණය කළ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් මෙරටට ලබා දෙන ප්‍රධාන පාලනය කරන බවද, ඔවුන් දැනුම්දී ඇත.
අද පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පාලන මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සහභාගීවී තිබිණි.