X-Press Pearl: විදෙස් රටකදී නඩු පැවරීමට පියවර..

X-Press Pearl හානියට එරෙහිව විදෙස් රටකදී නඩු පැවරීමට පියවර..

by Staff writer 22-04-2023 | 7:47 AM

COLOMBO (News 1st) –  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට එරෙහිව විදේශීය රටකදී නඩු පවරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, විදේශීය නීතිඥ ආයතන 2ක් ඒ සඳහා සම්බන්ධ කරගන්නා බවයි.

2021 මැයි මස 19 වැනිදා කොළඹ වරායට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වැනිදා ගිනිගැනීමට ලක්විය.