.webp)
 (2)-626810.jpg)
මෙහිදී සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ප්රධාන වශයෙන් ත්රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්රදේශ ආශ්රිතව අභ්යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, නව ජාත්යන්තර ගුවන් සේවා සමාගම් 10ක් මේ වසරේදී ශ්රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
සංචාරක ආකාර්ෂණය දිනා ගත් වන උද්යාන සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම මෙන්ම වන සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්රියාත්මක කර ඇති ගෝලීය ප්රවර්ධන වැඩසටහන්වල ප්රගතිය ද මෙහිදී විමසා බැලිණි.
මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, නියමිත නිත්යානුකූල ක්රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්යාපාර නියාමනය කිරීම සඳහා අවශ්ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්රී ලංකා හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ, නිවාඩු නිකේතන උප සභාපති එක්සත් විජේරත්න, නියෝජ්ය සභාපති (සාමාන්ය) දිමිත්රි කුරේ, ජ්යෙෂ්ඨ කළමනාකරණ කමිටු සාමාජික චාමින් වික්රමසිංහ, ප්රධාන විධායක නිලධාරී ප්රියන්ත ප්රනාන්දු සහ ශ්රී ලංකා අභ්යන්තර සංචාරක ක්රියාකරුවන්ගේ සංගමයේ සභාපති බොබී ජෝර්ඩන් හැන්සන් (Bobby Jordan Hansen) යන මහත්ම මහත්මීහු ඇතුළු සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය වෙනුවෙන් ස්ථාපිත කාර්ය සාධක බලකායේ සාමාජිකයෝද, සංචාරක කර්මාන්තය ආශ්රිත සංගම්වල නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.
