.webp)
තිරසාර සංවර්ධනය පිළිබද ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන එය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේයි.
මේ අතර, ජනාධිපතිවරයා අද (18) ලෝක බැංකුවේ සභාපති, අජේ බංගා මහතාවද හමුවිය.
ඒ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.
එහිදී ජනාධිපතිවරයා සහ ලෝක බැංකු සභාපතිවරයා අතර ඵලදායි සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද වූයේ අමෙරිකාවේ නිව්යෝක් නුවරදී.
මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව ඇතිවයි.
සමුළුව ලබන 21 වැනිදා දක්වා පැවැත් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිත වේ.