ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.

ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ..

by Staff writer 22-09-2026 | 11:54 AM

COLOMBO (News1st) - සංවිධානානාත්මක අපරාධකරුවෙකු සහ නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ලොකු පැටී නැමැත්තාගේ රුපියල් ලක්ෂ 350ක පමණ  වටිනාකමකින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබේ

ඒ නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවට එරෙහිව  මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයකට අදාළවයි.

පොලිසිය පැවසුවේ ඒ අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පර්චස් 15ක ඉඩම සහ දෙමහල් නිවස ක්‍රියාවිරහිත කර ඇති බවයි.

නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.