.webp)
එලෙස මියගොස් තිබෙන්නේ, 28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මි නාරායන නමැති තරුණයෙකි.
මෙම තරුණයා මිය යාමට සතියකට පෙර විවාහ ගිවිසගෙන ඇති අතර ඔහු ලබන මාසයේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිට තිබේ.
ඔහුට මෙම සැත්කර සිදු කර තිබෙන්නේ පසුගිය 16වැනි දා හයිද්‍රාබාද්හි පිහිටි දන්ත සායනයකදීයි.
මියගිය තරුණයාගේ පියා චෝදනා කරන්නේ, නිර්වින්දන ඖෂධ අධිමාත්‍රාවකින් ලබා දීම හේතුවෙන් තම පුත්‍රයා මියගිය බවයි.
සිය පුත්‍රයාට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් නොතිබූ අතර ඔහුගේ මරණයට වෛද්‍යවරුන් වගකිව යුතු බවට ඔහු චෝදනා කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
එම සැත්කම පැය 02කට පමණ ආසන්න කාලයක් සිදු කර ඇත.
අනතුරුව එම තරුණයා තවත් රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙව බව විදෙස් මාධ්‍ය පැවසීය.