ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය දඹුල්ලේදී

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය දඹුල්ලේදී..

by Staff writer 26-03-2024 | 5:30 PM

COLOMBO (News 1st) - 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජුලි 19 වැනිදා ආරම්භ වන බව, ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද (26) නිවේදනය කළේ ය.

ජුලි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

තරගාවලිය  සඳහා මෙවර කණ්ඩායම් 8ක් සහභාගී වේ.

කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක තරගාවලියේ A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන්නේ ඉන්දියාව , පකිස්ථානය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලයයි.

සත්කාරක ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර‍,බංග්ලාදේශය , මලයාසියාව , තායිලන්තය එම කාණ්ඩයට ඇතුළත් අනෙක් රටවල් වේ.

ජුලි 20 වැනිදා සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ එරෙහිව පැවැත්වීමට නියමිතය.