උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම්..

උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1500ක්..

by Staff writer 28-03-2024 | 6:23 AM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි.

ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව මෙහිදී සිදු කෙරෙනු ඇති.

බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.