යුක්‍රේනයට අමෙරිකාවේ සහ ප්‍රංශයේ අඛණ්ඩ සහය

යුක්‍රේනයට අඛණ්ඩව සහය දෙන බව අමෙරිකාව සහ ප්‍රංශය යළි අවධාරණය කරයි

by Staff writer 09-06-2024 | 6:32 AM

COLOMBO (News 1st) - යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව අමෙරිකාව සහ ප්‍රංශය යළි අවධාරණය කර තිබේ.

ඒ, දෙරටේ නායකයින් අතර පැවති හමුවේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවයි.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පෙරේදා අමෙරිකා - යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ද පැවැත්විය.