.webp)
අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ, ආර්.ජී.ජයතිලක මහතා පැවසුවේ, නිලධාරියෙක් යොමුකර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ විමර්ශන වාර්තාව පොලිසිය වෙත ලබාදීමට නියමිත බවද ඔහු පැවසුවේ ය.
මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පැවසුවේ, හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
ක්‍රි.ව. 05 වැනි සියවසේ රජකම් කළ ධාතුසේන මහරජතුමා විසින් ඉදිකරන ලද කලාවැව මෙරට වාරි තාක්ෂණ විශිෂ්ටත්වයේ තවත් එක් සංකේතයකි.
අක්කර අඩි 100,000 ක් එනම් ඝන මීටර් මිලියන 123 ක ධාරිතාවයකින් යුක්ත කලාවැව කළුගලින් කළ පිටවානකින් සහ ප්‍රධාන සොරොව් තුනකින් සමන්විතයි.
ඉන් මධ්‍ය ප්‍රධාන දොරටුවෙන් පිටවන ජලය අඩි 40 ක් පළල් වූ ඇල මාර්ගයක සැතපුම් 54ක් දුර ගෙවා අනුරාධපුර නුවරවැවට ජලය සපයමින් කුඹුරු අක්කර දහස් ගණනක් පෝෂණය කෙරෙයි.
කලාවැවේ ප්‍රධාන වේල්ලේ, පිටවාන ආසන්නයේ වේල්ලට ඉතා සමීපයෙන් පිහිටි ගල්තලාවේ පසුගියදා මෙම කැණීම් සිදු කර තිබුණේ වැවට දැඩි අවදානමක් ඇති කරමින් ය.