ධීවරයින්ට අනතුරු ඇවිමක්...

ධීවරයින්ට අනතුරු ඇවිමක්...

by Staff writer 24-10-2024 | 6:27 PM

COLOMBO ( News 1st ) - අද(24) සහ හෙට(25) මධ්‍යම සහ වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

ඒ මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ඩානා චන්ඩ සුළි කුණාටුව හේතුවෙනි.

එය හෙට දිනයේ ඉන්දියාව වෙත ගමන් කරනු ඇත.

දැනට මෙම මුහුදු ප්‍රදේශ භාවිත කරන ධීවර හා නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙස කාළගුණ නිවේදනයේ දැක්වේ.

මේ අතර අද(24) රාත්‍රීයේත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති වනු ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද රාත්‍රී කාලයේ වැසි ඇති වන බව සඳහන් වේ.