ජේ.ශ්‍රී.රංගා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝග...

by Hashini De Mel 24-10-2024 | 10:37 PM

COLOMBO ( News 1st ) - මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා මහතා නොවැම්බර් 7 දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට අද(24) නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජේ.ශ්‍රී.රංගා මහතා ගොනු කර තිබූ පෙත්සමක් අද(24) සලකා බැලූ අවස්ථාවෙදීය.

නියෝගය ලබා ඉදිරි පැය 48 ක කාලය ඇතුළත කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර ජේ.ශ්‍රී. රංගා මහතාට නියෝග කළේ ය.