හොරෙකුට වැඩ වරදී..

හොරෙකුට වැඩ වරදී..

by Staff writer 24-10-2024 | 1:18 PM

COLOMBO ( News 1st ) - කළුතර, වාද්දුව හා එම ප්‍රදේශය ආශ්‍රිව සිදු කළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කළුතර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඊයේ (23) සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු විසින් නිවාසවලින් සොරකම් කරන ලද  ලක්ෂ 15කට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයාගෙන තිබේ.

එමෙන්ම නිවාසවලින් සොරකම් කරන ලද ජංගම දුරකථන 6ක් , ජංගම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ද විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා සහ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.