.webp)
ඒ වසර පහෙන් පහට වැඩි කරන උසස්වීම් ස්ථානාධිපතිවරුන්ට පමණක් ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.
වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.
කෙසේ වෙතත් හෙට(10) දින ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරීන් යොදවා ධාවනයේ යෙදවීමටද සැලසුම් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැණුවත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු මෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.