තුර්කි නාවික හමුදාවේ නැවක් කොළඹ වරායට..

තුර්කි නාවික හමුදාවේ ටී.සී.ජී. කිනලිඩා නෞකාව කොළඹ වරායට..

by Staff writer 10-07-2024 | 12:27 PM

COLOMBO ( News 1st ) - තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ටී.සී.ජී. කිනලිඩා නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

එය නාවිකයන් 152 දෙනෙකුගෙන් සමන්විත වන බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ ය.

නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ නාවිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත වේ.

එම නෞකාව ලබන 11 වෙනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිත ය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමට නියමිතව ඇත.