අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිහ දෙක වගන්තියෙහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් ලෙසයි.
ව්‍යවස්ථාවේ හැට දෙක - 2 වගන්තියේ පාර්ලිමේන්තුවේ කාලය ද වසර පහක් ලෙස සඳහන් වේ.
නමුත් ව්‍යවස්ථාවේ 83- ආ වගන්තියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 6 ඉක්මවා දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.
ඒ අයුරින් ව්‍යවස්ථාවේ ස්ථාන දෙකක ජනාධිපතිවරයාගේ ධුර කාලය හා පාර්ලිමේන්තුවේ කාලසීමාව වසර 5 ක් සහ 6 ක් ලෙස සඳහන්ව තිබේ.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ, මේ වගන්ති දෙකේම සඳහන් වන ධුර කාල සීමාව වසර පහක් ලෙස සංශෝධනය කළ යුතු බවටයි.