විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශත ඉදිරියේ දී

විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශත නිකුත් කිරීම ලබන 15 වැනිදා...

by Staff writer 10-07-2024 | 10:55 AM

COLOMBO ( News 1st ) - විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශත ලබන 15 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

විදුලි බල මණ්ඩලය යොමු කළ ගාස්තු අඩු කිරිමේ යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම ඊයේ (9) සිදු කළ බව එම කොමිසම සඳහන් කළේ ය.

එහිදී 40 දෙනෙකුගේ අදහස්  හා යෝජනා ලබා දී තිබේ.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක හා ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ද සිටී.