කඩිනමින් ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමක්

කඩිනමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න.. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ඉල්ලීම්..

by Staff writer 18-07-2024 | 7:21 AM

COLOMBO ( News 1st ) - හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙස නිරීක්ෂණ සංවිධාන ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය පෙරේදා (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට පැවරණි.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පැවසුවේ, මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කල් ගැනීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මුදල් බැර කරමින් රජයේ අමාත්‍යාංශ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය සඳහා විවිධ කාර්යයන් සිදු කිරීමට විවිධ බලපෑම් එල්ල වෙමින් බවතින බවය.

හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙස පැෆ්රල් සංවිධානය ද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.