දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව අනුර ඉදිරියෙන්

දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන්

by Staff writer 22-09-2024 | 2:24 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ මේ වනවිට (අලුයම 2) ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනවා.

මේ වනවිට රත්නපුර, පොලොන්නරුව, හම්බන්තොට, මොනරාගල, ගාල්ල, ත්‍රිකුණාමලය සහ වන්නි දිස්ත්‍රික්ක වල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ලැබී තිබේ.

ඒ අනුව මේ වනවිට සමස්ත ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර -  92,949 
සජිත් ප්‍රේමදාස – 32,699 
රනිල් වික්‍රමසිංහ – 29,919 
නාමල් රාජපක්ෂ – 3,037