ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්..

T20 කාන්තා ලෝක කුසලාන පිටියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්..

by Staff writer 05-10-2024 | 9:15 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 6කින් ජය ගෙන තිබේ.

සාජාහිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නායක චමරි අතපත්තු සමග විශ්මි ගුණරත්නයි.

පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී ගියාය.

චමරි අතපත්තු ලකුණු 3කට පිටියෙන් ඉවත් කළේ ඈෂ්ලි ගාඩ්නර්.

කවීෂා දිල්හාරි ලකුණු 5යි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළාය.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක ඇලීසා හීලි සමග බෙත් මූනි.

පළමු කඩුල්ල ලෙස ඇලීසා හීලි ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට උදේශිකා ප්‍රබෝධනී සමත් විය.

ජෝර්ජියා වෙයාහම් ලකුණු 3යි.

බෙත් මූනි නොදැවී ලකුණු 43ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා ය.

ඔවුන් පන්දුවාර 14යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගෙන තිබේ.