පසුගිය මාසයේ ලොව දක්ෂතව ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

පසුගිය මාසයේ ලොව දක්ෂතව ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

by Staff writer 14-10-2024 | 2:56 PM

COLOMBO (News 1st) -  ICC සැප්තැම්බර් මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩයකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

සෑම මාසයකම ජාත්‍යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක  ක්‍රීඩිකාවන් ඇගයීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මානය ලබා දෙයි.

සැප්තැම්බර් මාසයේ සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් වූයේ ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්.

නවසීලන්තය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් කමිඳු මෙන්ඩිස්ට එම සම්මානය පිරිනමා ඇත.

ඔහු එම තරගාවලියේදී ලකුණු 451ක් රැස් කළේ 90යි දශම 2ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ය.

කමිඳු මේ  වසරේදී මෙම සම්මානය දිනූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ඒ අනුව, ඔහු වාර්තා අතරට එක් වූයේ වසරක් තුළ එම සම්මානය අවස්ථා දෙකකදී දිනූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසය.