පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට..

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට...

by Staff writer 14-10-2024 | 11:41 AM

COLOMBO ( News 1st ) - සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේ ය.

මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

පළමුව පන්දු රැකීමට එහි කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ ය.

ඒ අනුව, පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 58කදී බිඳ වැටුණේය.

සිව්වැනි කඩුල්ලට පිටියේ එක්වූ නායක චරිත් අසලංක සහ කමිදු මෙන්ඩිස් ලකුණු 82 සබඳතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ය.

කමිදු මෙන්ඩිස් ලකුණු 51 ක් රැස් කළ අතර නායක චරිත් අසලංක ලකුණු 59ක් රැස් කරන ලදි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179ක් වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිළිතුරු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කින්ග් ලකුණු 63ක් රැස් කළ අතර එවින් ලුවිස් අර්ධ ශතකයක් රැස් කළේ ය.

මතීෂ පතිරණ කඩුලු 2ක් ලබා ගත්තේ ය.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී සිටිය දී තරගය ජය ගත්තේය.