චීන ජාතිකයින් 460 ක් ගැන CID විමර්ශන..

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 460ක් ගැන CID විමර්ශන..

by Hashini De Mel 15-10-2024 | 2:26 PM

COLOMBO (News1st) - පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගන ති‌බේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකරුවන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇතැයි මූලික විමර්ශනවලදි අනාවරණ වි තිබේ.

එහෙත් ඔවුන් මෙරට රැඳි සිටිමින් රැකියා කිරීම් සම්බන්ධයෙන් ආගමණ විගමණ නියාමන පණත යටතේ ද විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර, අතුල්කොට්ටේ, පල්ලෙකැලේ, නත්තරන්පොත ඇතුලු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.