මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

by Staff writer 15-10-2024 | 9:36 PM

COLOMBO ( News 1st ) -  මාතර, රුවන්වැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද (15) පස්වරු 6.00ට පමණ එම පුද්ගලයා ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය .

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මුදල් පොලියට ලබාදීම සිදු කරන අයෙකු බව පොලීසිය පවසයි.