උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

දුම්රියක් පීලි පැනීමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

by Staff writer 15-10-2024 | 6:34 PM

COLOMBO ( News 1st ) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

ඒ , තලවකැලේ සහ වටගොඩ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව සහ මරදාන අතරදී  පීලි පැනීමකට ලක්වූ දුම්රිය පීලි ගත කිරීම තව දුරටත් සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කොළඹ කොටුවෙන් ආරම්භ වීමට නියමිත දුම්රිය කිහිපයක් මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

දුම්රිය පීලිගත කිරීම අද (15) රාත්‍රීයේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ මීනගයා දුම්රිය අද පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන අතරදී  පීලිපැනීමකට ලක්විය.