කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදි අත්අඩංගුවට...

by Staff writer 15-10-2024 | 10:37 PM

COLOMBO ( News 1st ) - රුපියල් මිලියන 7 කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රටක සිට අවස්ථා කිහිපයකදී එම මත්ද්‍රව්‍ය මෙරටට ඒවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ ය.

සැක සහිත පාර්සල් කිහිපයක් අද (15) විවෘත කළ අවස්ථාවේදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.