ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක්

ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය...

by Staff writer 15-10-2024 | 8:17 PM

COLOMBO ( News 1st ) - ඔක්තෝම්බර් පළමුවැනිදා සිට ක්‍රියාක්මක වන පරිදි ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමව තිබේ.

මේ අතර මේ මාසයේ සිට විශ්‍රාමිකයින්ට රුපියල් 3000 ක අතිරේක දීමනාවක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව අද (15) පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.ඇණවුම් කළ නව විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ලබන සෙනසුරාදා ලැබිමට නියමිත බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.