චීන ජාතිකයින් 460 ක් අත්අඩංගුවට

ගත වූ දින කිහිපය තුළ චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට...

by Staff writer 15-10-2024 | 6:06 PM

COLOMBO ( News 1st ) - පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයින් 460කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගන තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සැකකරුවන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වි තිබේ.

එහෙත් ඔවුන් මෙරට රැඳී සිටිමින් රැකියා කිරීම් සම්බන්ධයෙන් ආගමණ විගමන නියාමන පනත යටතේ ද විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන කළේය.

මහනුවර, අතුල්කොට්ටේ, පල්ලෙකැලේ, නත්තරන්පොත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.