තංගල්ල ප්‍රා. සභා හිටපු උප සභාපති කොටු

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අත්අඩංගුවට...

by Staff writer 15-10-2024 | 5:42 PM

COLOMBO ( News 1st ) - තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ අංක තහඩු සහිත, කොටස් එකලස් කරන ලද ජිප් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත ඔහු අත්අංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

45 හැවිරිදි අදාළ උප සභාපතිවරයා තංගල්ල, පොලොන්මාරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ජිප් රථය  පසුගිය 11 වැනිදා පොලිසිය භාරයට ගෙන තිබුණි.