නව පාස්පෝට් තොගයක් ලබන සෙනසුරාදා මෙරටට

නව පාස්පෝට් තොගයක් ලබන සෙනසුරාදා මෙරටට: සඳුදා සිට නව පාස්පෝට් නිකුත් කිරීමට පියවර..

by Staff writer 15-10-2024 | 2:06 PM

COLOMBO (News1st) - ඇණවුම් කළ නව විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ලබන සෙනසුරාදා ලැබීමට නියමිත බව, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා(21) සිට ආරම්භ කරන බවයි.