මිනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත්

මිනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් - දුම්රිය දෙපාර්තමේන්තුව

by Hashini De Mel 15-10-2024 | 2:23 PM

COLOMBO (News1st) - මිනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි.

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ මීනගයා දුම්රිය අද(15) පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන අතරදී දුම්රිය පීලිපැනීමකට ලක්විය.

මේ අතර, දකුණු කළුතරදී දුම්රියක ගින්නක් හට ගැනිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළුතර සිට මරදාන බලා ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රියේ පිටුපස එන්ජිමේ ගින්න හටගත් බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බවයි.