ආරුගම්බේ ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් කොටු

ආරුගම්බේ ප්‍රහාරයක් සැලසුම් කිරීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 24-10-2024 | 10:29 AM

COLOMBO ( News 1st ) - ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් සදහා සැලසුම් කිරීමට සම්බන්ධ වූ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී එම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර එළැඹෙන සංචාරක සමයේදී බියෙන් ‍තොරව සංචාරය කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස සංචාරක ප්‍රවර්ධන කාර්යයංශය විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනාවක් කරනු ලබයි.

සංචාරකයින්ට ඉහළම ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය ද ශක්තිමත් පියවර ‍‍ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

මේ වන විට මෙරට රැදී සිටින සංචාරකයින්ගේ මානසික සුවයට සහ ආරක්ෂාවට කිසිඳු ආකාරයක තර්ජනයක් එල්ල නොවන බවට සහතික විය හැකි බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.