ඊශ්‍රායල ජාතිකයින් වෙනුවෙන් දුරකතන අංකයක්

මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක්..

by Staff writer 24-10-2024 | 1:12 PM

COLOMBO ( News 1st ) - මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවස්ථාවක් වෙතොත් දැනුම් දීම සඳහා දුරකතන අංකයක් පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 071 859 2651 යන දුරකතන අංකය අමතා තොරතුරු දැනුම් දීමට අවස්ථාව හිමිවෙයි.

එම දුරකතන අංකය සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ බව පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි.

ඒ අනුව  දමයන්ත විජය ශ්‍රී මහතා ලැබෙන තොරතුරු අනුව අවශ්‍යතාවය සලකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙන්නේය.