ආරක්‍ෂක ලේකම් හමු වූ මාලදිවයින් මහ කොමසාරිස්..

මාලදිවයින ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්..

by Staff writer 24-10-2024 | 12:24 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු මසූඩ් ඉමාද් මහතා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබේ.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ය.

එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇතැයි සඳහන් වේ.

මෙම අවස්ථාවේ වැදගත්කම සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.