විදේශ රැකියා සම්බන්ධ වින්දිතයින් ගැන දැනුම්දීමක්

විදේශ රැකියා සම්බන්ධ වින්දිතයින් ගැන දැනුම්දීමක්

by Staff writer 24-10-2024 | 11:28 AM

COLOMBO ( News 1st ) - වසෙර් ගත වූ කාල සීමාව තුළ විදේශ රැකියා සම්බන්ධව වින්දිතයින් බවට පත්වූවන්ට රුපියල් ලක්ෂ 1056ක් බෙදා හැරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ, විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත නියෝජිතායතනවලට නඩු පැවරීමෙන් පසුවයි.

එම කාර්යාංශය ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් සහ ලැබුණු පැමිණිලි මත එම නඩු පැවරීම් සිදු කර තිබේ.

පසුගිය මාස 9 තුළ එලෙස ලැබී ඇති පැමිණිලි ගණන 570කි.

ඒ අනුව සිදුකළ වැටලීම් මගින් පුද්ගලයින් 104ක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යයංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වංචාකරුවන්ට හසුනොවී, කාර්යාංශයෙන් විමසීම් සිදුකර විදෙස් රැකියා සඳහා අයැදුම් කරන ලෙසය.

කාර්යාංශය දැනුවත් කිරීම සඳහා 1989 දුරකතන අංකය ක්‍රියාත්මක වේ.