තීරු බදු ගැන අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථකයි

තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථකයි - ජනපති

by Staff writer 23-04-2025 | 6:35 PM

COLOMBO (News 1st) - තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයකින් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ රත්නපුරයේදී පැවැති ජන රැලියකට එක්වෙමිනි.