.webp)
එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසුවේ එම පැමිණිලිවලට අදාළ ලිපි ගොනු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබූ ඒවා බවයි.
ඉන් බහුතරයක් එකල පැවති රජයන්වල මැති ඇමතිවරුන්ට එරෙහිව ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඇතැම් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි 15 ක් පමණ ලැබී ඇති බවයි.
ඒ අනුව අදාළ පැමිණිලිවල විමර්ශන කඩිනමින් අවසන් කර වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අල්ලස් කොමිසම පැවසුවාය.