.webp)
ඒ ස්වර්ගස්ථ වූ ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීම වෙනුවෙනි.
මේ අතර ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මෙරට වේලාවේන් අද (23) දහවල් 12.30ට සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කරනු ලැබීය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සාමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි.
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අප්‍රේල් 26 වැනි සෙනසුරාදා සිදුකරන බව වතිකානය ඊයේ (22) නිවේදනය කළේ ය.