ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්

ඉන්දුනීසියාවේ සුලාවේසී දූපතේ වැඩිහිටි නිවාසයක ගින්නක්..පුද්ගලයින් 16 දෙනෙකු මියයයි..

by Staff writer 29-12-2025 | 11:44 AM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ සුලාවේසී දුපතේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින්, පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

එහි නවාතැන් ගෙන සිටි තවත් තුන්දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (28) සවස ඇතිවූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.